සෞදියෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

සෞදියේ අගනුවර පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පසු, අවශ්‍ය වුවහොත් ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට අයිතියක් ඇති බව සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු පවසා සිටිනවා.

රියාද් නුවර පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකින් පසු මාධ්‍යවේදීන් ඇමතූ ඔහු පවසා ඇත්තේ, ඉරානය සිය වැරදි තක්සේරු කිරීම් පිළිබඳව නැවත සමාලෝචනය කළ යුතු බවත්, මෙවැනි ප්‍රහාර මගින් ටෙහෙරානයට කිසිදු වාසියක් අත්නොවන බවත්ය.

Share This