සෙල්ෆියක් ගැනීමට ගිය විදේශ කත දුම්රියෙන් ඇද වැටෙයි
ඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ඇල්ල ODC සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික කාන්තාවක් ඉන් වැටී බරපතල තුවාල ලබා තිබෙනවා.
මේ වනවිට ඇයව නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බවයි, හපුතලේ පොලිසිය සඳහන් කළේ.
සෙල්ෆියක් ගැනීමට උත්සහ කළ 37 හැවිරිදි එම කාන්තාව ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර අංක 20 දුම්රිය බිංගෙයි ගැටී දුම්රියෙන් ඇද වැටී ඇති බව සඳහන්.
අදාළ කාන්තාව තවත් කිහිප දෙනෙක් සමඟ ඇල්ලි සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ඇල්ල ODC සංචාරක දුම්රියෙන් නානුඔය බලා ගමන් කරමින් සිටියදී පාපුවරුවේ එල්ල සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ කර තිබෙනවා.
එහිදී ඇද වැටුණු ඇයව එම දුම්රියේ දමාගෙන නානුඔය දුම්රිය ස්ථානයට රැගෙන ගොස් අනතුරුවු සුවසැරිය ගිලන් රථයක රැගෙන ගොස් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.