සෙනෙහසේ නවාතැන ‘ආදරණීය දිනිත්‍රි’
ආදරය දැනෙන.., ආදරය සොයන.., ආදරය විඳින.. තාරුණ්‍යයේ ඔබ වෙනුවෙන් ම රචිත එස්. කේ. මානවඩුගේ කුළුඳුල් නවකතාව
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මාධ්‍ය ඒකකයට අනුයුක්තව සේවය කරන මානවඩුගේ සුසන්ත කුමාර.. නොහොත් එස්. කේ මානවඩුගේ මහතාගේ කුළුඳුල් නවකතාව පසුගියදා ජනගත කෙරුණා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ – මින්නේරිය ග්‍රාමයේ උපත ලබා උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹට පැමිණෙන එස්.කේ මානවඩුගේ මහතා මාධ්‍ය ඇතුළු විෂයන් රැසක් සම්බන්ධයෙන් පරිණත පුද්ගලයෙක්.
විෂයභාර අමාත්‍යවරුන් ගණනාවකගේම ප්‍රවෘත්ති නිලධාරියා වශයෙන් ද සේවය කර ඇති ඔහු විශ්වසනීය නිළධාරීයෙක් ලෙස ප්‍රකටයි.
ලිවීමේ හැකියාවෙන් ද පරිපූර්ණ එස්.කේ මානවඩුගේ මහතා සිය කුළුඳුල් නවකතාව වන “ආදරණීය දිනිත්‍රී” එළිදක්වන්නේ ඉමහත් සතුටකින්.
“ආදරණීය දිනිත්‍රී” ආදරය දැනෙන.., ආදරය සොයන.., ආදරය විඳින.. තාරුණ්‍යයේ ඔබ වෙනුවෙන් ම රචිත නවකතාවක්.
‘සම්මත හෝ වේවා අසම්මත හෝ වේවා ප්‍රේමය ප්‍රේමයම විනා අන් කවරක්ද..?’
ගැහැණියෙකු හෝ වේවා, පිරිමියෙකු වේවා ඔවුන් සම්මතයෙන් බැහැරව අසම්මත ප්‍රේමයකට පැටලෙන්නේ ඇයි..?
ඔවුනට ඔවුනගේ හේතු තිබෙන්න පුලුවන්..
ඇතැම් හේතු සාධාරණ වෙන්න පුලුවන්.. ඇතැම් හේතු අසාධාරණ වෙන්න පුලුවන්..?
කොහොම වුණත් එය විනිශ්චය කිරීමට සමාජයට ඇති අයිතිය කුමක් ද?
කඩදාසියක අත්සන් කරලා දෙමව්පියන් නෑදැ හිතවතුන් මධ්‍යයේ නීත්‍යානුකූලව විවාහ ජීවිතයට එළැඹෙන බොහෝ අඹු සැමියන් ඇත්තටම සතුටින් ජීවත් වෙනවාද ? ඔවුන්ට අවශ්‍ය ආදරය, ගෞරවය, රැකබලා ගැනීම වැනි කාරණා විවාහ ජීවිතය තුළ ලැබෙනව ද?
එහෙම ලැබෙනවනම් මොකටද අසම්මත පෙමක්…?
මේ කතාව සෙනෙහසේ නවාතැන ‘ආදරණීය දිනිත්‍රී’ නවකතාව පිළිබඳවයි..
උපුටා ගැනීම..
“විවාහය වැනි ජීවිතේ වැදගත්ම තීරණය මාගේ සිතැඟි පරිදි ඉටුකර ගැනීමට හැකිවූයේ නම්, එම සහකාරිය සමඟ අපටම අනන්‍ය වූ ලෝකයක ජීවත්වීමට හැකිය..”
“අප කෙරෙහි ඇතිවන හැඟීම් උපදින්නට යම් කාලයක් අවශ්‍ය වේ.. නමුත්, අප දෙදෙනා හරි හැටි හඳුනා ගැනීමටද පෙර, විවාහවීමට සිදුවීම තුළින්, අපට අපවම හඳුනා ගැනීමට මෙන්ම, ජීවත්වීමට අවැසි සියලු ගුණාංග අප හදවත් තුළ ඇතිවීමට අවශ්‍ය කාලයද නැති වී යයි..”
“මේ සියලුම ශෝකාන්තයන් අතරේ මා ඉතාමත් සතුටට පත් කරුණක් නම්….”?
“තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ අයියේ…”
“ජීවිතයේ ඇති පැතුම් ප්‍රාර්ථනා තුළට, සතුට දෙවියන් දෙන්නේ ජීවිතය තුළ බොහෝ විපර්යාසයන් සිදූවූ පසුව යැයි විටෙක මට සිතේ..”
උපුටා ගැනීම අවසන්..
‘ආදරණීය දිනිත්‍රී’ ලස්සන ආදර කතාවක්.. කියවා බලන්න.. ආදරණීය පාඨකයින්ට ආරාධනා..
‘ආදරණීය දිනිත්‍රී’ කෘතිය මෙවර BMICH පොත් ප්‍රදර්ශන භූමියේ D -18 (D – hall) හි ” මල්ලවාඅරච්චි” වෙළඳ කුටිය ඇතුළු තව වෙළඳ කුටි ගණනාවකදී මිලදීගත හැකියි.
මේ අතර ඉදිරියේ දී ජනගත කිරීමට ලියා අවසන් නවකතා කිහිපයක්ම පවතින බවයි එස්.කේ මානවඩුගේ මහතා අප සමග පැවසුවේ.
“තල්වැට අද්දර”, “ජිනාගේ දෛවය “, “නිධහන් හොරු” සහ “යක්ෂයාගේ හෝරාව” යන නවකථා කිහිපයක් ඒ අතර වනවා.
‘ආදරණීය දිනිත්‍රි’ පොත ජනගතකෙරුණු අවස්ථාවේ ඡායාරූප කිහිපයක් 👇🏻