සුව සැරියේ වෙනසක් නැහැ

සුව සැරියේ වෙනසක් නැහැ

(ශිරාන් රණසිංහ)
සුව සැරියේ 1990 හෝ කොළ පාට වෙනස් කරන්නේ නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එහෙත් සුව සැරිය පදනම හෝ 1990 හෝ වර්ණය වෙනස් නොවන මුත් අලුත් තාක්‍ෂණය යොදාගෙන නවීකරණය කරන බව ද ඇමැතිවරයා කීය.
තවත් ගිලන් රථ 100ක් ලබා ගැනීමට සාකච්ඡා කරන බවත් 20ක් ණය ආධාර යටතේත් 25ක් ප්‍රදානයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිත බව ද ඇමැතිවරයා කීය.
අය-වැය මගින් රුපියල් මිලියන 5000ක් වෙන් කළ බවත් 1990 ගිලන් රථ බළ ඇණිය 500 දක්වා වැඩි කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

Share This