සුඩානයේ හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 46 දක්වා ඉහළට

සුඩාන අගනුවර වන කාර්ටූම් හි තදාසන්න ප්‍රදේශයේ ඔම්ඩුර්මන් නගරයේ පසුගිය ද සිදු වූ හමුදා ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් ඇති බව නිලධාරීහු පවසති.
අනතුරට ලක් වූ ඇන්ටනොව් ගුවන් යානය අඟහරුවාදා අගභාගයේදී මහා කාර්ටූම් හි කොටසක් වන උතුරු ඔම්ඩුර්මන් හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන් තොටුපළෙන් ගුවන්ගත වීමේදී කඩා වැටුණි. එහිදී ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු හමුදා නිලධාරීන් 17 දෙනෙකු සහ සිවිල් වැසියන් 29 දෙනෙකු අනතුරට ගොදුරු වූහ.
කාර්ටූම් හි ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් බහර් අහමඩ් ද මියගිය අය අතර සිටින බව වාර්තා වේ.
අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳ විස්තර සඳහන් නොවූවත්, තාක්ෂණික හේතූන් මත එය සිදු වන්නට ඇති බවට හමුදා ආරංචි මාර්ග පවසයි.
– සඳුනි තිලකරත්න