සී.අයි.ඩී. හිටපු අධ්‍යක්ෂ ශානි ඇතුළු තිදෙනෙක්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට

(අකිලා නදීෂානි බණ්ඩාර)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරුන් වන සුදත් මෙන්ඩිස් සහ එච්.ඩී.එම්. ප්‍රේමතිලක යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙයි.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව, මහින්ද සමයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
2020 වසරේදී, කිසිදු සාධාරණ සැකයක් නොමැතිව, කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
ගෞරි සංගරි නීතීඥ සමාගම නීතීඥ ධර්ජා ධර්මරාජා මහත්මියගේ උපදෙස් අනුව නීතීඥ ඕෂධී ගනීෂා හපුආරච්චි මෙනවිය ශාන්ත ජයවර්ධන, නයන්ත විජේසුන්දර සහ හිරන්‍ය දමුණුපොල පෙනී සිටියහ.