සීමාව පැන්න ඉන්දීය ධීවයින් 10කට මාංචු

සීමාව පැන්න ඉන්දීය ධීවයින් 10කට මාංචු

(නිමල් දයාරත්න)

මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවරයින් දස දෙනෙක් අද (13දා) අලුයම ඩෙල්ෆ්ට් දූපත මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත්ව ඇත.

මෙම ධීවරයින් ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවර වරායේ සිට මසුන් ඇල්ලීම සඳහා මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති බවද වාර්තා වේ.
මෙරට මුහුදු සීමා නීති උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලීමේ චෝදනාව මත මෙම ඉන්දීය ධීවරයින් දසදෙනා සහ එම යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුව ගත් එම පිරිස සහ ධීවර යාත්‍රාව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share This