සීනි සමාගම වට කර උක් ගොවීහු සටනක

(වෙල්ලස්සේ – ජී.අයි. රොෂාන්)
පැල්වත්ත සිනි සමාගමේ උක් ගොවීන්ට උක් අස්වනු සැපයීමෙන් පසු අදාළ මුදල් මාස තුනක් ගතවි ඇතැත් තවමත් ලබානොදිම උක් වගාබිම් ගිනි ගැනීම නිසා පිලිස්සෙන උක් මිලදී නොගැනීම ඇතුළු ගැටලු රැසක් සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා විරෝධය පළ කරමින් උක් ගොවීහු 500කට ආසන්න පිරිසක් සිනි සමාගමේ පරිපාලන කාර්යාලය ඉදිරිපිට බිම වාඩි වී විරෝධතාවය පළකර සිටියහ.
අද(02) උදෑසන මෙම ගොවීහු සිනි සමාගම් පරිශ්‍රයට පැමිණී අතර උක් අස්වනු වලට අදාළ මුදල් ලබාගනිම සම්බන්ධයෙන් විමසීමට ඔවුහු ඉන් අනතුරුව පරිපාලන ගොඩනැඟිල්ල පිහිටි පරිශ්‍රයට පැමිණියහ.
එහිදී බිම වාඩිවි විරෝධයය පළ කරළ අතර බුත්තල පොලිසථෘනයේ වැඩලන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිසි නිලධාරීහු පිරිසක්ද ඒ අවස්ථාවේ ගොඩනැගිලි පරිශ්‍රයට පැමිණියහ.
එහිදී ඔවුන් ස්ථානාධිපතිවරයට පවසා සිටියේ තමන්ට ස්ථීර විසඳුමක් පාලකයන්ගෙන් ලැබෙන තුරු මෙම ස්ථානයෙන් පිටවි නොයන බවයි.
විරෝධතාකරුවෝ අදහස් දක්වමින් මෙසේ කියා සිටියහ.
අපි සමාගමට උක් ගස් ලබාදිලා මාස තුනක්ටත් වැඩියි තවමත් මුල් නෑ අපේ අතකරේ තිබුණ රත්‍රං බඩු ටික උකස් කරලා තමයි ණය වෙලා තියෙන්නේ දැන් අපිට යන එන මං නැති වෙලා. අපිට හැමදාම මෙහෙම ආයතනයට එන්න බෑ හිඟන්නෝ වගේ. අපි කියන්නේ අපේ කපලා දුන්න උක්වලට සල්ලි දෙන්න කියලා අපි දන්න විදිහට රුපියල් කෝටි ගානක් උක් ගොවියන්ට ගෙවන්න තියෙනවා. නමුත් ඒවට උත්තර දෙන්න වගකිවයුතු බලධාරීන් කිසිවෙක් නෑ ඔවුන් ඔක්කොම කොළඹට ගිහිල්ලා. ඒ වගේම උක් බිමි ගිනි තියනවා සමහරුන්ගේ ඒවා විවිධ හේතුන් නිසා ගිනිගන්නවා. ඒවා සමාගමෙන් ගන්නේ නෑ නවත්තලා. හැබැයි සමාගමේ ගිනි ගන්න ඒවා උක් ගස් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඊයේ පෙරේදා මෙතනට ඇවිල්ලා අපේ ගොවියෝ කිහිපදෙනෙක් පොල් ගැහුවා. මේ අවනඩුව කතරගම දෙයියන්ටවත් පේනේවා කියලා දැන් ඒ අයව පොලිසියට එන්න කියලා උක් වගාවල් ගිනිව්වා කියලා පැමිණිල්ලක් දාලා. අපිට මේවට නිසි උත්තරයක් ඕනේ කවද්ද අපිට සල්ලි දෙන්නේ කියලා. ඉස්සරහට බෙහෙත් ටික පොහොර ටික ලැබෙයිද කියලා විශ්වාසයක් නෑ.
උක් ගොවීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් පාලන අධිකාරියෙන් අප විමසීමට කිහිප විටක් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද එය ව්‍යවර්ථ විය.