සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණියක රිමාන්ඩ්

සීගිරිය නැරඹීමට පැමිණි ඇග`ලුම් කම්හල් සේවිකාවක් සීගිරිය කැටපත් පවුර තුළ කොණ්ඩ කට්ටකින් කුරුටු ගෑ තරුණියක් සීගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන දඹුල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරත 14 දෙනකු ගෙන් යුත් කණ්ඩායමක් සීගිරිය නැරඹීමට පැමිණ ඇත. ඔවුන් සමග පැමිණි එක් තරුණියක් විසින් ඇයගේ කොණ්ඩයේ රඳවා තිබූ කොන්ඩ කට්ටකින් සිගිරිය කැටපත් පවුර තුළ අකුරු 05 ලියා ඇති බවට සීගිරිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිගිරිය පොලිස් ස්ථානය වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව සැකකාර කාන්තාව පොලිස් ස්ථානය වෙත ගෙනවිත් භාර දීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර ඇත.
ඒ අනුව සැකකාර තරුණිය 15දා දඹුල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබුවේ වේලන්ගොල්ල වත්ත, ගැටහැත්ත පදිංචි මුත්තුකුමාර් නිරංජලා යන සැකකාරිය.