සිසු සැරිය සේවාවට නවතම බස්රථ 200ක්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මේ වන විට දියත් කරනු ලබන සිසුසැරිය බස්රථ සේවාව වඩාත් විධිමත් කිරීම සඳහා 2026 වසරේ දී පියවර රැසක් ගෙන තිබෙනවා.
ඒ සඳහා නව බස් රථ 200කට අධික ප්‍රමාණයක් අලුතෙන් එක් කිරීමට නියමිත බවයි අද (12) දින ඉසුරුපාය පරිශ්‍රයේ දී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සමග පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.
මෙහි දී පාසල් සිසුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී පාසල් සිසුන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමඛතාවක් සේ සලකා ක්‍රියා කරන බවයි.
මේ වසරේ දී ඒ වෙනුවෙන් රුපියල් බිලියනයක පමණ වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ වනවිට ප්‍රවාහන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව “සිසුසැරිය” පාසල් බස් රථ සේවය වඩා විධිමත්ව පවත්වාගෙන යමින් පාසල් දරුවන්ට කායික මානසික පීඩාවකින් තොරව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නියැලීම සඳහා පාසලට සුරක්ෂිතව යා හැකි ක්‍රමවේද හැකි පමණ සකස් කර ඇති බවත් එය ඉදිරියේ දී තව දුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි.
