සිරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කරන්න කැනඩාවෙන් සැලැස්මක්

කැනේඩියානු රජය සිරියාවට එරෙහි සම්බාධක ලිහිල් කිරීමට සැලසුමක් නිවේදනය කර තිබේ.
පසුගිය වසරේ අගභාගයේදී ඉස්ලාමීය හයාත් තහ්රීර් අල්-ෂාම් (HTS) විසින් මෙහෙයවන ලද කැරලිකාර හමුදා විසින් බලයෙන් පහ කරන ලද ජනාධිපති බෂාර් අල්-අසාද් යටතේ කැනඩාව ඇතුළු බොහෝ බටහිර රටවල් සිරියාවට එරෙහිව විවිධ සම්බාධක පනවා තිබුණි.
මෙහිදී නිවේදනයක් නිකුත් කරමින් කැනේඩියානු රජය පවසා සිටියේ සිරියාවට මානුෂීය ආධාර සඳහා නව අරමුදල් වශයෙන් කැනේඩියානු ඩොලර් මිලියන 84 ක් ලබා දෙන බවයි.
කැනේඩියානුවන්ට වෙනත් ආකාරයකින් තහනම් කර ඇති මූල්‍ය ගනුදෙනු සහ සේවාවන් සිදු කිරීමට ඉඩ සලසන මාස 6 ක කාලයක් සඳහා වලංගු පොදු බලපත්‍රයක් නිකුත් කරන බව කැනඩාව පැවසීය.
සිරියාවේ මහ බැංකුව වැනි රටේ ඇතැම් බැංකු හරහා අරමුදල් යැවීමට ඉඩ සලසන පරිදි සම්බාධක ලිහිල් කරන බව ද එහි සඳහන් විය.
සිරියාවේ නව පාලකයින් වන්නේ 2016 දී ඔවුන්ගේ නායක අහමඩ් අල්-ෂාරා සබඳතා අත්හරින තෙක් අන්තවාදී අල්කයිඩා කණ්ඩායම සමඟ සබඳතා පැවැත්වූ ඉස්ලාම්වාදීන් ය.
එසේම ජනගහනයෙන් බහුතරයක් අසාද්ගේ අලවයිට් නිකායේ සාමාජිකයන් ය.
සඳුනි තිලකරත්න