සියළුම පාර්ශ්ව එකගත්වයෙන් ඒ්කාබද්ධ නැකත් සීට්ටුවක්
මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ඊට සමම්බන්ධ පාර්ශ්ව දෙක අතර එකගාවයකින් ඉදිරිපත් කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවැති සාකච්ඡාවකදී එකගතාවයකට පැමිණි බව අමාත්‍යංශය පවසයි.
මෙම නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් ජ්යොතීෂවේදි පාර්ශ්වයන් කීඵයක් අතර විවිධ මත තිබූ බැවින් එක නැතැකත් සීටටුවක් සඳහා එකගතාවයකට පැමිණීමට නොහැකි තත්වයක් උද්ගතව පැවතුනි.
ඒ අනුව මෙම විශේෂ සාකච්ඡාව අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වුණි. එහි දී එකී සියලු පාර්ශ්වයන් ඒකාබද්ධව එක් නැකැත් සීට්ටුවක් එළිදැක්වීමට එකඟ වූ බව අමාත්‍යංශය පවසයි.
මීට පෙර ද මේ පිළිබඳව සාකච්ඡා කිහිපයක් ම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත් වූ නමුත් ඒ සඳහා සම්බන්ධ වූ කණ්ඩායම් කිහිපයක් අතර මෙම අලුත් අවුරුදු නැකැත් පිළිබඳ මත ගැටුමක් ඇති විය.
