සිනොපෙක් ඉන්ධන මිල වැඩි කරයි
සිනොපෙක් (Sinopec) සමාගමද ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇත. මෙම මිල සංශෝධනය සිදුව ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෙරේදා (21) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකළ මිල ඉහළ දැමීමට සාපේක්ෂව බව එම සමාගම සඳහන් කරනවා.
සිනොපෙක් සමාගම හඳුන්වා දුන් නව මිල ගණන් අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් මිල ගණන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට වඩා වැඩි මට්ටමක පවතී. ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 487කි. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 572ක් වේ.
සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් ලං
කා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සමානව පවතින බව සිනොපෙක් සමාගම වැඩිදුරටත් නිවේදනය කරමින් කියා සිටී.
