සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සුරා සැල් වැසෙන දින…
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අප්රේල් 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා නිවේදනය කරයි. රජයේ අනුමැතිය ඇතිව ගනු ලැබූ මෙම තීරණය අනුව සුරාබදු බලපත්ර සහිත මත්පැන් හල්, තැබෑරුම්, හෝටල්, අවන්හල් සහ කැරෝකේ මධ්යස්ථාන ඇතුළු සියලුම ස්ථානවල මත්පැන් අලෙවිය මෙම දින දෙකේදී තහනම් වේ.නිවාඩු කාලසීමාව තුළ මෙම නියෝගය උල්ලංඝනය කරමින් මත්පැන් අලෙවි කරන බලපත්රලාභීන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත්, නීතිවිරෝධී ලෙස මත්පැන් ජාවාරම්වල නිරතවන්නන් පිළිබඳ තොරතුරු 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසත් සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
විශේෂයෙන්ම ගාල්ල, අනුරාධපුරය, මහනුවර සහ කුරුණෑගල ඇතුළු දිවයින පුරා පිහිටි විශේෂ සුරාබදු මෙහෙයුම් ඒකක මෙම උත්සව සමයේ වැටලීම් සිදු කිරීම සඳහා සීරුවෙන් තබා ඇත. නීතිවිරෝධී මත්පැන් බෙදා හැරීම් සහ අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම ඒකක විශේෂ මෙහෙයුම් ක්රියාත්මක කිරීමට නියමිතය.
