සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක්

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්වන ජනතාව සඳහා විශේෂ ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ, අද ( 08) සිට ලබන 20 දක්වා කාලය තුළ මෙම සැලැස්ම ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සමඟ ඒකාබද්ධව කටයුතු කර ඇති බව සදහන් වෙනවා.

අවුරුදු සමයේදී වැඩි වශයෙන් මගීන් ගමන් කරන නගර ලෙස මාතර, බදුල්ල, නුවරඑළිය, හැටන්, මොණරාගල, ඇඹිලිපිටිය, වැලිමඩ සහ ගාල්ල යන නගර හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන අන්තර් පළාත් පුද්ගලික බස් සේවාවන් දෛනිකව අතිරේක ගමන්වාර 800ක් පමණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත..

සාමාන්‍ය දුම්රිය ගමන්වාරවලට අමතරව විශේෂ දුම්රිය සේවා යෙදවීමට  දුම්රිය දෙපාර්තෙම්න්තුව විසින්ද කටයුතු කර ඇත.

මගීන්ගේ පහසුව සඳහා සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂක කටයුතු සහ ප්‍රථමාධාර සේවා සපයා ඇති අතර, විශේෂ රාජකාරි සඳහා නිලධාරීන්ද යොදවා ඇති බවත් මෙම කාලසීමාව තුළ දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙහෙයුම් මධ්‍යස්ථානයක් සහ පාරිභෝගික සේවා ඒකකයක්ද ස්ථාපිත කර ඇති අතර, 1955 දුරකථන අංකය හෝ 0712595555 (WhatsApp) හරහා ජනතාවට තොරතුරු ලබාගත හැකි බවද වැඩි දුරටත් සදහන් කරනවා.

Share This