සැප්තැම්බරයේ සංචාරකයන් 1,58,971ක් ඇවිත්

සැප්තැම්බරයේ සංචාරකයන් 1,58,971ක් ඇවිත්

-සෙනාෂ් කොළවත්ත-
එක් මසක් තුළ වැඩිම සංචාරක පමිණීම ලෙෂ සැප්තැම්බර් මාසයේ දීවිදෙස් සංචාරකයන් 1,58,971ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එය මෙතෙක් සැප්තැම්බර් මාසයකදී මෙරටට පැමිණි වැඩිම විදේශ සංචාරකයකන්ගේ වාර්තාව බවද අධිකාරිය සඳහන් කරයි.
2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී සංචාරකන් 1,49,087ක් පැමිණ තිබූ අතර 2018 වසරට සාපේක්ෂව මෙය සියයට 6.6ක වර්ධනකි. 2024 සැප්තැම්බර් හා සසඳන විට එය සියයට 30.2ක වර්ධනයකි.
2025 වසරේ ගෙවී ගිය කැලය තුළ සංචාරකයන් 17,25,494ක් යැයිද අධිකාරිය කියයි.

Share This