සාම යෝජනාවට එකඟ නොවුණහොත් ඉරානයට දැඩි ප්‍රහාර – අමෙරිකාව අනතුරු අඟවයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාමයට කැමැත්ත පලකරන අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවට ඇමරිකාව විසින් අනතුරු
ඇඟවීමක් සිදුකර ඇත.
ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසන්නේ, මේ මොහොතේ ඉරානය ඇත්ත තත්වය පිළිගැනීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට ඉතාම දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.
ධවල මන්දිරයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී එක්සත් ජනපද සාම සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට ඉරානය කටයුතු කළහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ. ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ දිනයේ දී සටන් විරාම කොන්දේසී ප්‍රකාශයට පත්කරනු ලැබුවේය.
අදාළ සටන් විරාමය සඳහා කොන්දේසී 15ක් අමෙරිකාව විසින් ඉරානයට ඉදිරිපත් කර ඇති අතර එම කොන්දේසීවලට කැමැත්ත පල කරන්නේ නම් සටන් විරාමයකට සූදානම් බව අමෙරිකානු ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශකර ඇත.
