සාමදාන වින්ශ්චයකාර පත්වීම් ලබාදීමේ වෙනසක්
සාමදාන විනිශ්චයකාර තනතුර තවදුරටත් දේශපාලනික වුවමනාව
මත ලබා නොදීමට තීරණය කර ඇත බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේය.
මේ වන විට සාමදාන විනිශ්චයකාරවරයෙකු සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහාද ක්‍රමවේදයක් සකසා ඇති බවත් ඒ් මහතා වැඩි දුරටත් කියා සිටියේය.
මේ වන විට දිවයින පුරා සිටින සාමාදාන විනිශ්චයකාරවරුන්ගේ දත්ත ඇතුළත් පද්ධතියක් සකස් කරගෙන යන බවත් පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ ඒ අනුව යම් පිටපතක් සහතික කිරීමේදී ඔහු සාමදාන විනිෂ්චයකාරවරයෙකුද නැද්ද යන්න ඒ් මගින් දැන ගත හැකිවන බවයි.
ඉදිරියේදී මෙම පත්වීම් ලබා දීමේදී උපරිම වයස් සීමාව 75 දක්වා පමණක් ලබා දෙන බවද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටියේය.
