සාදයේදී මත්ද්‍රව්‍ය භාවිත කළ තරුණයෙක් සහ තරුණියක් ජීවිතක්ෂයට….

Night Party of People in the Pool. Stock Image - Image of bath, music:  206708581

පෙරේදා (28) රාත්‍රියේ පැවති සමාජමාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සාදයක් වරාය පොලිසිය මගින් වටළා තිබේ.
සාදය පවත්වා තිබුණේ වරාය නගරයේයි (Port City). සංගීත සංදර්ශනයක් (EDM) පැවති මෙම අවස්ථාවට බොහෝ දෙනා සහභාගී වී සිට ඇත්තේ ප්‍රිල් මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් අනතුරුව බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සමාජමාධ්‍ය මගින් හදුනාගත් තරුණ තරුණියන් මෙන් ම තවත් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී තිබුණ බවයි පොලිසිය සදහන් කළේ.
වැටළීමේදී සැකකරුවන් 38 දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇත්තේ කොකේන්, අයිස්, ප්‍රිල් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ සන්තකයේ තබාගැනීමේ වරදටයි.
කෙසේ වෙතත් මෙම සාදයේ දී මත්ද්‍රව්‍ය භාවිත කළ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවටද වාර්තා වේ. ස්ථානීය පරීක්ෂාවේදී වතුරට වැටී මියගොස් සිටි තරුණයෙකුගේ මෘත ශරීරය සොයාගැනෙන්නේ පසුදින උදෑසනයි. තවත් තරුණියක් හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙවන් සමාජමාධ්‍ය සාද මෑත කාලයක සිට විටින් විට පවත්වන ආකාරයක් අපට දැකගත හැකිය. ඒ හුදෙක් මත්ද්‍රව්‍ය, ලිංගිකත්වය මෙන් ම හුදු තාවකාලික විනෝදය පිණිසය. බොහෝ විට මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනයද මෙවැනි සාද පිටුපස ඇති එක් අදෘශ්‍යමාන හස්තයක් විය හැක්කකි.
ඇතැම්විට මෙම තරුණ තරුණියන්ගේ දෙමව්පියන්, භාරකරුවන් මෙම අමනෝඥ ක්‍රියාවන් පිළිබදව නොදනී. දෙමව්පියනි සමාජමාධ්‍ය භාවිත කරන ඔබේ තරුණ දරුවන් පිළිබද සැලකිලිමත් වන්න. එය ඔබේ දරුවාගේ මාරයා විය හැකිය.
ශ්‍රී ලංකා පොලිසියෙන් අප ඉල්ලා සිටින්නේ මෙරට තරුණ ප්‍රජාව නොමග යවන මෙවන් ක්‍රියාවන් සංවිධානය කරන්නන් සහභාගී වන්නන් මෙන් ම දායකත්වය දක්වන්නන් වහාම අත්තඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසයි.

Share This