ස්විට්සර්ලන්තයේ අහසින් යන්න ඉල්ලූ අමෙරිකාවේ ඉල්ලීම ඉවතට
ඇමරිකානු හමුදා භට ගුවන් යානා දෙකක් සිය ගුවන් සීමාව හරහා ගමන් කිරීමට කළ ඉල්ලීම ස්විට්සර්ලන්තය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ස්විට්සර්ලන්තයේ මධ්‍යස්ථභාවය පිළිබඳ නීතිමය ප්‍රතිපාදන මුල් කර ගනිමින් මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, ඇමරිකානු ගුවන් යානා පහක් සම්බන්ධයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ ස්විට්සර්ලන්ත බලධාරීන්, ඉන් යානා දෙකකට අවසරය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉතිරි යානා තුන සඳහා සිය ගුවන් කලාපය විවෘත කිරීමට අවසර ලබා දී තිබේ.
මෙම තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ස්විට්සර්ලන්ත රජය, නඩත්තු හා ප්‍රවාහන කටයුතු සඳහා වූ ගුවන් යානා සඳහා පමණක් අවසරය ලබා දුන් බව පැහැදිලි කර ඇත.
