සහල් 220ට පොල් 130ට මෙන්න ලැබෙන තැන

සහල් 220ට පොල් 130ට මෙන්න ලැබෙන තැන

වෙළඳ පොළේ සහල් හිගය අවසන් කරමින් අද (05) සිට සතොස හරහා දේශිය සහල් රුපියල් 220 පාලන මිලට ලබාදෙන බව වෙළඳ, පාරිභෝගික කටයුතු හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

පොල් ගෙඩියක් රුපියල් 130 ට සතොස හරහා ලබාදීමටද කටයුතු කරන බවයි එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ.

සහල් මෝල් හිමියන් සමග කළ සාකච්ඡාවකදී ඇති කරගත් එකගතාවයක් අනුව ඔවුන් දිනකට සෑම වර්ගයකින්ම සහල් කිලෝ ලක්ෂ දෙකක් රජයට ලබාදීමට එකග වූ බවද ඒ්වා සතොස හරහා කිලෝවක් රුපියල් 220 මිලට ලබාදෙන බවද සමරසිංහ මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළා.

සහල් ප්‍රශ්නය විසඳීමට මෝල් හිමියන් සතු වී තොග පිලිබඳව රජය සතු තොරතුර පරීක්ෂා කර බැලීමේදි එම තොරතුරු හා යථාර්තය අතර බරපතල ගැටුමක් තිබූ බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

 

Share This