සහල් ආනයනය කරන්න වෙයි

Vietnam"s rice exports increase over 23% | Thời báo Tài chính Việt Nam

උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන්, කීරි සම්බා සහ සම්බා සහල් ආනයනය කිරීමට සිදුවිය හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් Prabath Chandrakeerthi මහතා අද (26) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඉදිරියට එන උත්සව සමය සැලකිල්ලට ගනිමින්, ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම, රට තුළ හිඟව පවතින ආහාර හා ධාන්‍ය වර්ග කිහිපයක් ආනයනය කිරීම පිළිබඳව ආහාර සුරක්ෂිතතා කමිටුව විසින් තීරණ ගෙන ඇති බවද ඔහු පැවසීය.

සම්බා සහ කීරි සම්බා සහල් කළුකඩ මිලට විකිණීම මේ වන විට බරපතල ගැටලුවක් බවද ඔහු පෙන්වා දුන්නේය. එම ගැටලුව පිළිබඳවද ආහාර සුරක්ෂිතතා කමිටුව තුළ දැඩි අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.

මෙම තත්ත්වය යටතේ, වෙළඳපොළ ස්ථාවර කර ගැනීම සහ මිල පාලනය කිරීම සඳහා ඉදිරියේදී සහල් ආනයනය කිරීමේ හැකියාවක් ඇති බවට ඉඟි කෙරේ.

Share This