සමූහ අපයෝජනයකට සිද්ධියකට චීවරධාරියෙක් අත්අඩංගුවට

සමූහ අපයෝජනයකට සිද්ධියකට චීවරධාරියෙක් අත්අඩංගුවට

(ගල්පාත – චන්දන පෙරේරා)
අඟුරුවාතොට පොලිස් බල සීමාවේ පාසල් කිහිපයකට යන පාසල් වයසේ පසු වන පිරිමි ළමුන් තිදෙනකු අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත චීවරධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි අඟුරුවාතොට පොලිසය පවසයි.
මෙම සිද්ධිය අනාවරණය වන්නේ හොරණ නගරයේ විදුහලකට යන එක් සිසුවෙකු සතියක් පුරා පාසලට නොපැමිණීම හේතුවෙන් මේ පිළිබඳව පංතියේ පන්තිභාර ගුරුතුමිය විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුවය.
චීවරධාරියා විසින් දරුවන් තිදෙනෙකු හා විහාරස්ථානයේ සාමනේර හිමියන්ටද මුදල් ලබාදී වරින් වර අපයෝජනයට ලක් කර ඇති බවත් සාමණේර හිමියන් මසකට පනස් දාහකට ආසන්න මුදලක ප්‍රදේශයේ වෙළඳසැල්වලින් විසිතුරු භාණ්ඩ හා ටොෆි චොකලට් ද මිලදී ගෙන ඇති බව ද අනාවරණය වී ඇත.’
සැකකාර චීවරධාරියා අඟුරුවාතොට පොලිසිය මගින් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This