සමාජ මාධ්‍යයෙන් හඳුනාගෙන විවාහ වූ මනාලිය නීත්‍යානුකූල සැමියා ඇවිත් කුදලාගෙන ගිහින්

(රක්වාන – එස්. වික්‍රමආරච්චි)
සමාජ මාධ්‍යයෙන් දැන හඳුනා ගෙන විවාහ වූ මනාලිය ඊට පසු දිනයේම ඇගේ නීත්‍යානුකුල සැමියා සහ දරු දෙදෙනා පැමිණ ඔවුන්ගේ නිවසට කැන්දාගෙන යෑමේ අපුරු පුවතක් රක්වාන, වෙත්තිලකන්ද ප්‍රදේශයෙන් වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. තරුණ විය පසු කර මැදිවිය ගත කරමින් විවාහයක් කර ගැනිමේ ආසාවෙන් සිටි වෙත්තිලකන්ද ප්‍රදේශයේ පුද්ගලයකුට මොරටුව ප්‍රදේශයේ කාන්තාවක් දැන හඳුනා ගැනීමට හැකි වී ඇත. ඒ සමාජ මාධය ඔස්සේය. එලෙස දැන හදුනාගත් දෙදෙනා නිතර නිතර ජංගම දුරකථන ඔස්සේ කතා බස් කර ගත් අතර පසුව එම කතාබහ විවාහ යෝජනාවක් දක්වා දුරදිග ගොස් ඇත. පසුව මොහු මොරටුව ප්‍රදේශයේ කාන්තාවගේ නිවසට ගොස් වැඩිදුර දැන හඳුනා ගැනීම කර ගෙන ඇත. එහිදී කාන්තාව පවසා ඇත්තේ විවාහ විමෙන් පසු කාන්තාවගේ නිවසේ පදිංචියට එන ලෙසයි.
එම කතා බහෙන් අනතුරුව දෙදෙනාගේ විවාහයට දින යොදා ගෙන සිය ගමට පැම්ණි මොහු තමන් සතුව තිබු ත්‍රීරෝද රථය වෙනත් පුද්ගලයෙකුට උකසකට තබා ලබාගත් මුදලින් සිය උපන් ගමේ මිතුරන්ට සාදයක් පවත්වා විවාහ මංගල්‍ය චාම්ව පවත්වා ඇත.
මේ අතර විවාහ ගිවිසගත් දිනට පසු දින දරුවන් දෙදෙනකු සමග පිරිමි පුද්ගලයෙකු අලුත් ජෝඩුව රැඳී සිටි නිවසට පැම්ණ පවසා ඇත්තේ මෙම කාන්තාව දරුවන් දෙදෙනකු සිටින අම්මා කෙනෙකු බවත් ඇයව තම නිවසට ආපසු කැන්දාගෙන යායුතු බවයි. අනතුරුව සිද්ධ වි ඇති දේ වටහා ගත් අලුත් මනමාලයා කාන්තාවට දරුවන් සමග ආපසු යන ලෙස පවසා ඇත. එම සිදු වීමෙන් පසු මෙම පුද්ගලයා තමන්ට තිබු එකම වස්තුව වු ත්‍රීරෝද රථය ද අහිමි කරගෙන හිත මිතුරන්ට ද මුහුණ දිමට නොහැකිව ලැජ්ජාවෙන් පසුවන බව ද වාර්තා වේ
