සභාපති ඝාතනයට සජබ මන්ත්‍රිවරු විරෝධය පා කලු ඇඳුමින් පාර්ලිමේන්තුවට

සභාපති ඝාතනයට සජබ මන්ත්‍රිවරු විරෝධය පා කලු ඇඳුමින් පාර්ලිමේන්තුවට

-ශිරාන් රණසිංහ-
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේග මන්ත්‍රිවරු ඊයේ (23දා) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වූයේ කළු ඇඳුමින් සැරසී කළු පටි පැළඳගෙනය.
සභාපතිවරයාගේ ඝාතනයට විරෝධය පළ කිරීම සඳහා මෙලෙස කළු ඇඳුමින් පැමිණි බව සජබ මන්ත්‍රිවරු සඳහන් කළහ.
සමගි ජන බලවේගයේ දේශපාලන කළමනාකරණ කමිටුව පෙරේදා (22දා) රැස්වී මෙම තීරණය ගෙන තිබිණි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ඝාතනයට ආණ්ඩුව වගකිව යුතු බවත් ඝාතකයන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් සජබ මන්ත්‍රිවරු කියා සිටිති.

Share This