සතියකින් මැදපෙරදිග විශාලා මහනුවරක්! ඉරානය හොදම තුරුම්පුව අවසානයේ පෙන්වයි

ලෝකයම කම්පා කරන ඉරානයේ ඉලක්ක ලැයිස්තුව!
ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ මීළඟ ප්‍රතිචාරය කුමක් වෙයිද යන්න මුළු ලෝකයම බලා සිටිද්දී, CBS පුවත් සේවයේ විශ්ලේෂණ හරහා ලෝකයම කම්පා කරන බිහිසුණු තොරතුරක් අනාවරණය වී තිබේ. ඉරානය විසින් සිය ප්‍රතිප්‍රහාර (Retaliatory Strikes) සඳහා සූදානම් කර ඇති රටවල් 6ක ඉලක්ක 12ක ලැයිස්තුවක් දැන් එළියට පැමිණ ඇත.
මෙතන තියෙන භයානකම කාරණාව කුමක්ද? මේ ලැයිස්තුවේ එකම එක හමුදා කඳවුරක්වත් නැත! ඉලක්ක කර ඇති ස්ථාන 12ම, 100%ක්ම සාමාන්‍ය සිවිල් වැසියන්ගේ ජීවනාලිය බඳු ජල පවිත්‍රාගාර (Desalination Plants) සහ ප්‍රධාන බලාගාරයි.
කලාපයේ මිලියන ගණනකගේ හුස්ම හිරකරන එම ඉලක්ක 12..
🇸🇦 සෞදි අරාබිය (Saudi Arabia)
* රාස් අල්-කයිර් (Ras Al-Khair): මෙය ලෝකයේ විශාලතම මුහුදු ජලය පිරිසිදු කරන මධ්‍යස්ථානයයි. මෙයට පහර දුන්නොත් ක්ෂණයකින් සෞදියේ මිලියන ගණනකට පානීය ජලය සම්පූර්ණයෙන්ම අහිමි වී යනු ඇත.
* ෂුකයික් (Shuqaiq) බලාගාරය: මෙය විනාශ වුවහොත් සෞදියේ දකුණුදිග විදුලි බල පද්ධතිය මුළුමනින්ම බිඳ වැටේ.
🇦🇪 එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE)
* බරකාහ් (Barakah) න්‍යෂ්ටික බලාගාරය: අරාබි ලෝකයේ පළමු වාණිජ න්‍යෂ්ටික බලාගාරය මෙයයි. මීට මිසයිල ප්‍රහාරයක් එල්ල වුවහොත් සමස්ත ගල්ෆ් කලාපයටම විකිරණ අවදානමක් මතුවනු ඇත.
* තවීලා (Taweelah): ගල්ෆ් කලාපයේ දැවැන්තම ජල පවිත්‍රාගාරයක් වන මෙය අහිමි වීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායි/අබුඩාබි) ජල සැපයුම අඩපණ වේ.
🇶🇦 කටාර් රාජ්‍යය (Qatar)
* රාස් ලෆාන් (Ras Laffan): කටාර්හි ප්‍රධානතම කාර්මික සහ බලශක්ති කේන්ද්‍රය මෙයයි. මෙය කටාර් රාජ්‍යයේ ආර්ථිකයේ ජීවනාලිය බඳුය.
* අල් කර්සා (Al Kharsaah) බලාගාරය: කටාර්හි ප්‍රධාන විදුලි බල ජාලය මෙය හරහා සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කළ හැකිය.
🇰🇼 කුවේටය (Kuwait)
* උතුරු සූර් (Az Zour North) බලාගාරය: කුවේටයේ විශාලතම විදුලි සහ ජල මධ්‍යස්ථානයයි. කුවේටයේ ජල අවශ්‍යතාවයෙන් 90%ක්ම රඳා පවතින්නේ මුහුදු ජලය පිරිපහදු කිරීම මත වන අතර මෙය විනාශ වීම කුවේටයට මරණීය පහරකි.
🇧🇭 බහරේනය (Bahrain)
* අල් ඩූර් (Al Dur): බහරේනයේ ප්‍රාථමික ජල ප්‍රභවය මෙයයි. සමස්ත ජනතාවගෙන් 60%ක්ම සිය දෛනික ජලය සහ විදුලිය ලබාගන්නේ මෙමගිනි.
🇯🇴 ජෝර්දානය (Jordan)
* සම්රා (Samra) බලාගාරය: ජෝර්දානයේ මුළු විදුලි අවශ්‍යතාවයෙන් 40%ක්ම සපයන ප්‍රධාන
ස්නායුව මෙයයි.
* අකාබා (Aqaba) තාප බලාගාරය: ජෝර්දානයේ දකුණුදිග විදුලි ජාලය මෙයින් පාලනය වේ.
ඉරානය මේ හරහා ඇමෙරිකාවට සහ බටහිර ලෝකයට දෙන පණිවිඩය ඉතා පැහැදිලිය. අරාබි කතරේ “ජලය” යනු රත්තරන් වලටත් වඩා වටිනා සම්පතකි. හමුදා කඳවුරුවලට පහර දෙනවා වෙනුවට, ජල සහ විදුලි මධ්‍යස්ථාන වලට පහර දුන්නොත්, මුළු කලාපයේම සිවිල් ජනතාවට ජලය සහ විදුලිය නොමැතිව පාරට බැසීමට සිදුවනු ඇත.
