සටන් විරාම ගිවිසුම යටතේ, තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස
ගාසා සටන් විරාම ගිවිසුම යටතේ සෙනසුරාදා නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ නම් හමාස් සංවිධානය ඊශ්‍රායලයට භාර දෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් සොල්දාදුවන් සහ සිවිල් වැසියන් වනු ඇතැයි සැලකෙන අතර එම සියලු දෙනා කාන්තාවන් වනු ඇති බවත් සඳහන්.
ඒ අනුව මෙය, පසුගිය ඉරිදා සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු සිදුවන දෙවන හුවමාරුව වනු ඇති.
පළමු හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු සහ සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කරනු ලැබුවා.