සජිත්ගේ උපන්දින සමරු පිංකමට එජාප ප්‍රබලයෝත් ඇවිත්…

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජන්ම දිනය 12දා යෙදී තිබූ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින්ද විපක්ෂ නායකවරයාට සුබ පැතීමට එක්විය.
විපක්ෂ නායකවරයාගේ ජන්ම දිනය සමරා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැති ආගමික වතාවත්වලට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක ද එක් වී සිටින අතර ඔවුන් දෙදෙනා ද එක්වූහ.
මීට අමතරව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් මෙම ආගමික වතාවත්වලට සහභාගී වී සිටියහ.
