සංශෝධිත බස් ගාස්තු බස් රථය තුළ ප්රදර්ශනය කිරීම අනිවාර්යයි – බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය
සංශෝධිත බස්ගාස්තු මගී ජනතාවට බස් රථය තුළ ප්රදර්ශනය කිරීම අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය පවසනවා.
මගී සේවා අවසර පත්ර කොන්දේසි 16 (A) අනුව මෙය අනිවාර්ය වන බව ඒම අධිකාරිය නිවෙදනයක් නිකුත් කරමින් පවසයි.
අදාළ ප්රදර්ශනය කිරීම් බස් රථය තුළ සිදුවිය යුතු බවත් එසේ නොකරන බස් රථවල බලපත්රය තාවකාලිකව හෝ නැතහොත් ස්ථීර වශයෙන් අවලංගු කිරීමට මෙන්ම දඩ මුදලකට යටත් කිරීමටද කටයුතු කරන බවද මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය වැඩි දුරටත් පවසා සිටියි.
ඒ අනුව අදාළ ගාස්තු ප්රදර්ශනය කර ඇද්ද යන්න සොයා වැටලීම් ආරම්භ කරන බවත් සඳහන් කර ඇති එම අධිකාරිය පැවසුවේ මේ සම්බන්ධව මගී ජනතාවට පැමිණිලි ඇත්නම් මගී ප්රවාහන අධිකාරිය වෙත දැනුම්දීමටද හැකියාව ඇති බවය.
ඒ අනුව 0112860860 දුරකථන අංකය හෝ 0702860860 යන වට්ස්ඇප් අංකය වෙත අදාළ පැමිණිලි යොමුකළ හැකි බවද බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්රවාහන අධිකාරිය සඳහන් කරයි.
නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකළහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 යන වට්සප් අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කරයි.

