ශීත කාලයට ස්විට්සර්ලන්තයෙන් එන පළමු ගුවන් ගමන කටුනායකට

(කටුනායක – ටී.කේ.ජී.කපිල)
ලෝකයේ එළඹෙමින් තිබෙන ශීත ඍතුවත් සමඟ ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කාලසටහනකට අනුව ධාවනය වන (Seasonal Schedule Flight) ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ (Edelweiss) ප්‍රථම මංගල ගුවන් යානය (Inogaral Flight) 28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ලුෆ්තන්සා ගුවන් සේවා සමූහයට අයත් මෙම ඊඩල්වයිස් ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 064 දරන මෙම ගුවන් යානය 28 දින උදෑසන 10.03 ට ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
මෙම ප්‍රථම මංගල ගුවන් ගමන සදහා ඒ. – 340 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය ජල ආචාර (Water Salute) පවත්වා උසස් අන්දමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගැනීමට කටයුතු යොදා තිබුණි .
මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ගුවන් මඟීන් 27 දෙනකු ද පිරිමැසුම්දායක පංතියේ ගුවන් මඟීන් 230 දෙනකු ද වශයෙන් ගුවන් මඟීන් 257 දෙනකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය 12 දෙනකු ද පැමිණ සිටියහ.
මෙම ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම දින දෙකක්, එනම් අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවල කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .
මෙම ගුවන් යානය 28 දින පෙරවරු 11.45 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර බලා පිටත්ව ගියේය.
