ශිෂ්‍යත්වයේ පළමුවැනියා දේවානන්දයේ අමායා

-අම්පෙගම – උපුල් මහේෂ්-
“මගේ නම එම්. ඩබ්ලිව්. ශනිදු අමායා. මම ඉගෙනුම ලබන්නේ අම්බලන්ගොඩ දේවානන්ද ප්‍රාථමික විද්‍යාලයේ. මම මෙවර 2025 පහ ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වුණා. ඒකට මම ගොඩක් සතුටු වෙනවා.
ඒ වගේම මේ ජයග්‍රහණය ලබා ගන්න මට ගොඩක් අය උදව් කළා. අපේ පාසලේ විදුහල්පති ඇතුළු ගුරු කාර්ය මණ්ඩලය, දෙමාපියෝ ඊට අමතරව මගේ වැඩිහිටියෝ, යාළුවෝ මේ හැම දෙනාම මට උදව් කළා.
මම පොඩි කාලේ ඉඳන්ම හොඳට වැඩ කළා. ගුරුවරුන්ට කීකරුව හිටියා. හැමදාම වගේ පාසල් ආවා. මම යාළුවන්ගෙන් පොත් ඉල්ලගෙන වැඩි ටික කළා. ඒක නිසා මට මේ ජයග්‍රහණය අත්කර ගන්න හැකි වුණා. පාසලට කීර්තියක් අත්කර දීමට ලැබීම පිළිබඳව මට අප්‍රමාණ සතුටක් දැනෙනවා. වෛද්‍යවරියක් වෙලා රටට සේවය කරන්න බලාපොරොත්තු වෙනවා. සාගර පතුල ගැන අධ්‍යයනය කරන්නත් මම හරි ආසයි. පහේ ශිෂ්‍යත්වයට ඉදිරිපත් වන නංගිලා, මල්ලිලාටත් මම වගේ කැපවීමෙන් වැඩ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.