ශ්‍රී FM 24 වන සාංවත්සරික ප්‍රසංගය – ලංකාවේ එතෙක් මෙතෙක් ඔබ නොවිඳි දීර්ඝතම සජීවී ප්‍රාසාංගික අත්දැකීම

ශ්‍රී FM 24 වන සාංවත්සරික ප්‍රසංගය – ලංකාවේ එතෙක් මෙතෙක් ඔබ නොවිඳි දීර්ඝතම සජීවී ප්‍රාසාංගික අත්දැකීම

රේඩියෝකරණයට නවමු හැඩයක් එක්කාසු කරමින්, ශ්‍රාවක සිත් ඇද බැඳගත් ‘රේඩියෝ කලාවක්’ කියාදුන් ‘ශ්‍රී FM’ තවත් දින තුනකින් (අගෝස්තු 11) සිය අභිමානවත් 24 වන සංවත්සරය සමරනවා.

ඒ මෙරට පෞද්ගලික ගුවන්විදුලි ගමන් මඟෙහි ආරම්භය සනිටුවහන් කළ ගෞරවයත් සමඟයි.

කවදත් ශ්‍රාවක ඔබේ සුබ සෙත සහ රසවින්ඳනය උදෙසාම කැපවුණු ශ්‍රී, 24 වන සංවත්සරය සමරනු ලබන්නේ ද ඔබ සමඟ ම බැව් සඳහන් කර සිටින්නේ ඉමහත් ආඩම්බරයෙන් යුතුවයි.

ඒ අනුව අගෝස්තු 11 වන දා උදෑසන 10 සිට සවස 6 දක්වා දවස පුරා Monara TV පරිශ්‍රයේදී, ශ්‍රාවක ඔබට එතෙක් මෙතෙක් මෙරටදී නොවිඳි දීර්ඝතම සජීවී ප්‍රාසාංගික අත්දැකීමක් තිළිණ කිරීමට ශ්‍රී FM සූදානම්.

එහිදී කලාවට මුල්තැන දෙන ‘ශ්‍රී’ ට සුබපැතුම් එක්කාසු කිරීමට සේ ම, ඔබ වෙනුවෙන් ගීතවත් වීමට මෙරට සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත තරු 50ක් ‘ශ්‍රී FM සාංවත්සරික ප්‍රසංගය’ හැඩකරනු ඇති.

ඊට සංගීතය සපයනු ලබන්නේ, ඔබේ හද බැඳි අජිත් විතානගේ ප්‍රමුඛ සීදූව සකුරා පිරිවරයි.

එසේ නම් FM 100/100.2 ඔස්සේ ශ්‍රී FM තුළින් සහ Monara TV ඔස්සේ මෙම දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම සමඟ සජීවීව එකතු වීමට හැකි බව කවදත් ඔබට ළෙංගතු ශ්‍රී FM ආදරණීයව මතක් කරනවා.

Share This