ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම ආසියාවෙන්ම තුන්වැනි තැනට

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම ආසියාවෙන්ම තුන්වැනි තැනට

(ඉෂාර ගයාෂාන්)
2025 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඊයේ (19) සමත් විය.
ඒ තෙවන ස්ථානය සඳහා පැවති තරගයෙන් චීනය 19 -14ක් ලෙස පරාජය කරමිනි.
ශ්‍රී ලංකාව මූලික වටයේදී උස්බෙකිස්ථානය, චීනය සහ සිංගප්පූරුව සමග තරග වැදුණේය. එම තරග තුනම ජයග්‍රහණය කරමින් අපරාජිතව ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට පැමිණීමට සමත් විය. ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගය ජපානය සමග පැවති අතර තියුණු තරගයකින් පසු ලකුණු 12 – 15ක් වශයෙන් පරාජය වීමට ශ්‍රී ලංකාව සිදු විය.
අවසන් මහා තරගය හොංකොං සහ ජපානය තරග වැදුණු අතර හොංකොං කණ්ඩායම 12-07ක් ලෙස ජපානය පරාජය කළේය.
ඒ අනුව 2025 සත් සමාජික රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම හොංකොං කණ්ඩායම ද, අනුශූරතාවය ජපානය ද, තුන් වැනි ස්ථානය ශ්‍රී ලංකාව සහ හතරවන ස්ථානය දිනා ගැනීමට චීනය සමත් විය.

Share This