ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට ලකුණු 07ක තියුණු ජයක්
වයස අවුරුදු 19න් පහළ ආසියානු ක්‍රිකට් ශූරතාවලියේ බංගලාදේශය සමඟ පැවැති තරගය ලකුණු 07කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2ක් තුළ සියලු දෙන දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 228ක්.
ඊට පිළිතුරු ලෙස බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 49.3ක් තුළ සියලු දෙනා දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 221ක් පමණයි.
තරගාවලියේ මූලික වටයේ ක්‍රීඩා කළ සෑම තරගයක්ම ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීමට සමත්වීමත් විශේෂත්වයක්.