ශ්‍රී ලංකා ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් – මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

ශ්‍රී ලංකා ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් සිදුවෙමින් පවතින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ අධ්‍යයන ආයතනය සංවිධාන කළ ව්‍යාපාර කළමනාකරණය පිළිබද 22 වන ජාත්‍යන්තර සමුළුව අමතමිනි.
ශ්‍රී ලංකාව චක්‍රීය ආර්ථිකයකට වේගයෙන් පිවිසිම මෙම සමුළුවේ තේමාවයි.

එහිදී අදහස් දැක්වූ හර්ෂණ සූරියප්පෙරුම මහතා අදහස් දක්වමින්

2019 අපි පාස්කු ප්‍රහාරයට මුහුණ දුන්නා.ඉන් පසුව කෝවිඩ් අර්බුදයටත් ආර්ථික අර්බුදයටත් මෑතකදී දිට්වා සුළිකුණාටුවටත් රටක් විදියට අපට මුහුණ දෙන්න සිදු වුණා. නමුත්ඒ අවස්ථාවේ අපි ඔප්පු කළා ලෝකයට අප ඕනෑම දේකට හොදින් ඔරොත්තු දීමේ ශක්තියක් ඇති රාජ්‍යයක් බවට.  2022 වසරේදී ආර්ථික අර්බුදයත් සමග අපව බංකොලොත් රාජ්‍යයක් ලෙස ලෝකය ඉදිරියේ නම් කළා. නමුත් දැන් බලන්න අප සිටින තැන. දිට්වා සුළිකුණාටුවත් සමග ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සදහා බිලියන 500 ක මුදලක් විපතට පත්වූවන් වෙනුවෙන් වැය කිරීඹට අවශ්‍ය වුණා. ඒ අය වැයෙන් පිටත එක් වුණු අමතර වියදම් කොටසක් ලෙසයි. නමුත් අපට වහාම ක්‍රියාත්මක වන පරිදි එම මුදල් වෙන් කිරීමට ඒ අවස්ථාවේ හැකියාව ලැබුණා. ඊට හේතු වූයේ රටක් ලෙස අප තුළ තිබූ මුල්‍ය විනයයි. අප දැන් සියල්ල හොදින් කළමනාකරණය කරමින් ආර්ථිකය ඉදිරියට ගෙන යන රටක් බවට පත් වෙලා තියෙනවා. ඉදිරියටත් අප ලෝකය ඉදිරියේ ශක්තිමත්ව නැතී සිටිය යුතුයි. එය අපට තනිවම කළ නොහැකියි. එය ව්‍යාපාර පුරවැසි කර්මාන්ත දේශපාලනික ඇතුළු සෑම ක්ෂේත්‍රයකම මනා සම්බන්ධතාවකින් සිදු කළ යුත්තක්. ඒ නිසා අපිට ඔබේ ශක්තියත් ඉතාම වටිනවා. අපි එක්ව ඉදිරියට යමු.

Share This