ශ්‍රී ලංකාව සහ හොංකොං අතර තරගය අද

2025 ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං අතර තරගය අද (15දා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.00ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
මේ වන විට ශ්‍රී ලංකාව මූලික වටයේදී එක් තරගයකට ක්‍රීඩා කර ඇත. එම තරගය බංග්ලාදේශයට එරෙහිව කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. හොංකොං කණ්ඩායම මූලික වටයේදී තරග දෙකක් ක්‍රීඩා කර ඇති අතර එම තරග දෙකම පරාජයට පත් වීමට සිදු විය. මෙම තරගය හොංකොං කණ්ඩායමේ මූලික වටයේ අවසන් තරගය වේ.