ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි විස්සයි-20 තරගය අද

(ඉෂාර ගයාෂාන්)
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගය දඹුල්ල රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (09) ප.ව. 7.00ට ආරම්භ වීමට නියමිතය.
මෙම තරගාවලිය 1-0ක් ලෙස පාකිස්තානය ඉදිරියෙන් සිටින අතර පළමු තරගය ශ්‍රී ලංකාවේ පිතිකරණ දුර්වලතා හේතුවෙන් පාකිස්තානය කඩුලු 6කින් ජය ගැනීමට සමත් විය.
දඹුල්ල ප්‍රදේශයට අද සවස් කාලයේදී වැසි සහිත කාලගුණයක් පවතින බවට කාලගුණ වාර්තා පවසන අතර ඒ හේතුවෙන් තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීමේ අවදානමක් පවතී.
