ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු විස්සයි-20 තරගය අද

(ඉෂාර ගයාෂාන්)
ශ්‍රී ලංකාව සහ පකිස්තානය කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය අද (7දා) දඹුල්ල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප.ව. 7.00 ආරම්භ වීමට නියමිතය.
මෙම විස්සයි-20 තරගාවලිය ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 විස්සයි-20 ලෝක කුසලානය සඳහා සූදානම් වීමට කණ්ඩායම් දෙකටම පෙරහුරුවකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ලබන අතර, පකිස්ථාන කණ්ඩායම සල්මන් අලි අග්‍රා විසින් මෙහෙයවනු ලබයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංක වෙනුවට නැවත දසුන් ශානකට නායකත්වය හිමිව තිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා සංචිතයට චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ යළි කැඳවා ඇති අතර නවක ක්‍රීඩකයෙක් ලෙස දග පන්දු යවන ක්‍රීඩක ට්‍රැවින් මැතිව් කැඳවා තිබේ.
පකිස්ථාන සංචිතයේ ප්‍රබල ක්‍රීඩකයන් වන බාබර් අසාම් සහ ශහීන් අෆ්රිඩි මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන අතර ඔවුන් මේ දිනවල ඕස්ටේ්‍රලියාවේ බිග්බෑෂ් තරගාවලියට සහභාගි වීම හේතුවෙනි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ වන විට විස්සයි-20 තරග 27ක් පවත්වා ඇති අතර එයින් පකිස්තානය තරග 16ක් සහ ශ්‍රී ලංකාව තරග 11ක් ජයග්‍රහණය කර ඇත.
