ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර
ශ්රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස දෙරටේ ජ්යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.
ඒ පසුගියදා ටෝකියෝ නුවර පිහිටි එරට ආරක්ෂක අමාත්යාංශයේදීයි .
ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර සහ ජපාන ආරක්ෂක අමාත්ය ෂින්පිරෝ කොයිසුමි මහතා අතර මෙම හමුව පැවැත්වී ඇති අතර, සමුද්රීය ආරක්ෂාව, ආපදා කළමනාකරණ හැකියාවන් සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය වර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

