ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු විස්සයි-20 තරගය අද

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු විස්සයි-20 තරගය අද

(ඉෂාර ගයාෂාන්)
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි-20 තරගාවලියේ පළමු තරගය අද (30) ප.ව. 7.00ට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවන අතර එංගලන්ත කණ්ඩායම හැරි බෘක් විසින් මෙහෙයවනු ලබයි.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණය සාමාන්‍යයෙන් පිතිකරුවන්ට වාසිදායක මෙන්ම දඟපන්දු යවන්නන්ට ද යම් සහයෝගයක් දක්වන ක්‍රීඩාංගණයකි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර විස්සයි-20 තරග 14ක් පවත්වා ඇත. එයින් තරග 10ක් එංගලන්තය සහ තරග 4ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.
මෙම තරගාවලිය පෙබරවාරි 7 ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට ඉතා වැදගත් පෙරහුරුවකි.
ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුශ්මන්ත චමීර, ප්‍රමෝද් මදුශාන්, මතීෂ පතිරණ සහ එශාන් මාලිංග

Share This