ශ්‍රී ලංකාව දැන් වැටිලා තියන තැන ගැන දුකයි

අධිආරක්‍ෂිත කළාපයට ආසන්නයේ පසුගියදා නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ටී56 කින් සහ පිස්තෝලයකින් ඝාතනය කිරීම නිසා නීතිඥයන්ට බියක් නොමැතිව වෘත්තීය කටයුතු කළ නොහැකි වී ඇති බවත්, මේ අනුව රී ලංකාව වර්තමානය වන විට අතිශයින් ශෝචනීය මෙන්ම භයානක තත්වයකට පත්ව ඇති බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
යුත්කතිය පසඳලීම සඳහා විනිශ්චකාරවරු සහ නීතිඥවරු අවශ්‍යයි. මෙම දෙපිරිසෙන් එක පාර්ශවයක් නැතිවුනොත් යුත්කතිය පසඳලීමේ කටයුතු සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. විනිශ්චකාරවරුන්ට සිතේ භයක් නොමැතිව ඔවුන්ගේ කාර්යභාරය ඉෂ්ට කිරීමේ හැකියාව නැහැ.
ආණ්ඩුව ගෙන යන අදූරදර්ශි ක්‍රියාමාර්ගවලට එරෙහිව විපක්‍ෂයේ පක්‍ෂ සන්ධානගත වීම සඳහා මහජන හඬ සංවිධානය, පොදුජන පෙරමුණ පක්‍ෂයේ ප්‍රධානීන් සමඟ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී අද (18) පැවැති සාකච්ඡාවට පෙර මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

Share This