ශ්‍රී ලංකාව අධි අවදානම් කියලා අපි කිව්වේ නෑ – ඕස්ට්‍රේලියාව කියයි
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු පුරවැසියන් සඳහා අධි අවදානම් සංචාරක ගමනාන්තයක් ලෙස වර්ගීකරණය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව සඳහා ඕස්ට්‍රේලියානු රජයේ නිල සංචාරක උපදෙස් මට්ටමෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැති බවයි. මෙම ප්‍රකාශය සමඟම, වැරදි තොරතුරු මත පදනම්ව සිදු කෙරෙන ව්‍යාජ ප්‍රචාර පිළිබඳව ද එමගින් අවධානය යොමු කර ඇත.
ඕස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කරනු ලබන නිල සංචාරක උපදෙස් සැමවිටම විශ්වාසදායක සහ යාවත්කාලීන බැවින්, ඒ සඳහා smarttraveller වෙබ් අඩවිය පමණක් භාවිතා කරන ලෙස ඕස්ට්‍රේලියානු පුරවැසියන්ගෙන් මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටී.
“ශ්‍රී ලංකාව සඳහා පවතින නිල සංචාරක උපදෙස් තවමත් කිසිදු වෙනසක් සිදු වී නොමැත. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන්නේ වැරදි තොරතුරුයි.” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.
