ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති අවලංගු නොකළ බව අදානි සමූහය කියයි

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති අවලංගු නොකළ බව අදානි සමූහය කියයි

මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක සුළං බලාගාර ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළ වන වාර්තා, ඉන්දියාවේ අදානි සමූහය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, ඒවා අසත්‍ය සහ නොමඟ යවන සුළු බව පවසමින්.

නිවේදනයක් නිකුත් කරමින් අදානි සමූහයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ව්‍යාපෘති අවලංගු කර නොමැති බව සමාගම නිශ්චිතවම තහවුරු කරන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති අංශයේ ඩොලර් බිලියන 1 ක් ආයෝජනය කිරීමට සමූහය කැපවී සිටින බවත් එහි සඳහන්.

එම නිවේදනය පහතින්….

Share This