ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති Peter Hill! ජනපති තීරණය සිංහල අවුරුද්දෙන් පසු

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස පීටර් හිල් (Peter Hill) පත් කිරීමටත්, ප්‍රධාන විධායක නිලධාරී (CEO) ධුරය සඳහා ආයෝජන බැංකුකරුවෙකු පත් කිරීමටත් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. සිංහල අවුරුදු උදාවෙන් පසුව මෙම පත්වීම සිදු කිරීමට නියමිත අතර, මේ වන විට 83 හැවිරිදි වියේ පසුවන පීටර් හිල්ගේ නම ජනාධිපතිවරයාගේ සලකා බැලීමට ලක්ව ඇත.
මීට පෙර සංචාරක මණ්ඩලයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා මෙම තනතුරට පත් කිරීමට රුචිකත්වයක් පැවතියද, සංචාරක ක්ෂේත්‍රයේ පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ ඔහු එම තනතුරේම රඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව පෙනේ. පීටර් හිල් මහතා එමිරේට්ස් පාලන කාලයේදී (1998-2008) ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර, ඔහු බ්‍රිතාන්‍ය ගුවන් සේවය ඇතුළු ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසක පළපුරුද්දක් ඇති අයෙකි. ඔහු පත් වුවහොත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධුරයට පත්වන පළමු විදේශිකයා ඔහු වනු ඇත.
මේ අතර, ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා ශ්‍රී ලාංකික ආයෝජන බැංකුකරුවෙකු සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති අතර, ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ පස් අවුරුදු සැළසුම් ද මේ වන විට සාකච්ඡා වෙමින් පවතී. ජාතික ගුවන් සේවය මහජන බදු මුදලින් ක්‍රියාත්මක වන බැවින්, මෙම පත්වීම් පිළිබඳව ක්ෂේත්‍රයේ මෙන්ම මහජනතාවගේද දැඩි අවධානයක් යොමු වී තිබේ. කවුරුන් පත් වුවද, ගුවන් සමාගමේ ඉදිරි පැවැත්ම සඳහා රජයේ මූල්‍ය සහාය තවදුරටත් අවශ්‍ය වනු ඇති බව නිරීක්ෂණය වේ.
