ශ්‍රී කල්‍යාණි ආදි ශිෂ්‍ය මහා සමුළුව 2024

ශ්‍රී කල්‍යාණි ආදි ශිෂ්‍ය මහා සමුළුව 2024

පනස් දෙවසරක අභිමානය පෙරදැරිව ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධාන කරනු ලැබූ “ශ්‍රී කල්‍යාණි ආදි ශිෂ්‍ය මහා සමුළුව 2024” පසුගියදා කැලණිය රජමහා විහාරයේ විජිත ධම්මරඛ්ඛිත නා හිමි අනුස්මරණ ශාලාවේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා.

ශ්‍රී කල්‍යාණි උභය රජමහා විහාරාධිපති,කැලණිය විශ්වවිද්‍යාලයේ ගරුකුලපති, අග්ගමහාපණ්ඩිත, මහෝපාධ්‍යාය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අතිගෞරවාර්හ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ප්‍රධාන අනුශාසකත්වය මත ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයීය විද්‍යාලාධිපති, කැලණිය රජමහා විහාරයේ විහාරාධිකාරි, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම යටතේ මෙම කර්තව්‍යය සිදුවූ බව සඳහන්.

ප්‍රථමයෙන් ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ නිල වෙබ් අඩවිය www.skdvps.com නිල වශයෙන් සයිබර් අවකාශයට මුදාහැරීම ධර්ම විද්‍යාලයීය විදුහල්පති ස්වාමීන් වහන්සේගේ හා ආරාධිත චන්දන සූරිය බණ්ඩාර මහතාගේ සුරතින් සිදුවූ අතර, ඉන් අනතුරුව විදේශගත ආදි සිසුන් වෙනුවෙන් ගෝලීය ආදි ශිෂ්‍ය කවය හා ආදි වෘත්තීයවේදීන්ගේ කවය හදුන්වා දීම මෙන්ම Gen Z පරම්පරාව බලගැන්වීම සදහා ආදි ශිෂ්‍ය සංගමය මගින් සිදුකරන සහතික පත්‍ර පාඨමාලා වැඩසටහනේ ප්‍රගතිය පිලිබදව දැනුවත් කිරිමද සිදුව තිබෙනවා.

දශක පහක කාලය තුල ධර්ම විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අතීත මතක ආවර්ජනය වෙනුවෙන් පැවති කෙටි පිලිසඳරද කාගේත් සිත් ගත් විශේෂාංගයක් වී ඇති අතර මෙම සමුළුව සදහා ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසකට ආසන්න පිරිසක් සහභාගී වූ බව සඳහන්.

Share This