ශෂීන්‍ද්‍රට අධික රුධිර පීඩනය බන්ධනාගර රෝහලට මාරු කරයි

ශෂීන්‍ද්‍රට අධික රුධිර පීඩනය බන්ධනාගර රෝහලට මාරු කරයි

(අකිලා නදීෂානි බණ්ඩාර)
රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඌව පළාත් මහ ඇමැති ශෂේන්‍ද්‍ර රාජපක්‍ෂ රෝගී තත්ත්වයක් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.
අධි රුධිර පීඩන තත්ත්වයක් මත වෛද්‍ය නිර්දේශවලට අනුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
රජයේ ඉඩමක දේශපාලන කාර්යාලයක් ඉදිකර අරගල සමයේදී එය ගිනිබත් වූ බසු ඊට අදාළව රුපියල් අසූඅටලක්‍ෂ පනස්දහසක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් ඒ මහතා අධිකරණය මගින් ලබන 12 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටී.

Share This