වෛද්‍ය වර්ජනය GMOA කල්ලියක වැඩක්

(බණිදු ලෝකුරුගේ)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුඩා කල්ලියක් විසින් විවිධ අරමුණු ඔස්සේ මෙහෙයවන වැඩවර්ජන සහ වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඉල්ලීමක් කළේය.
කැබිනට් මාධ්‍ය හමුවේදී වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ පැවැසීය.
එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බහුතරයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වී නොමැති බවයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා වෛද්‍යවරුද පීඩාවට පත්ව ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
ආර්ථිකය ප්‍රසාරණය වන මට්ටම අනුව ඉල්ලීම් ලබා දීමට සූදානම් බවද ඇමැති නලින්ද ජයතිස්ස පැවැසීය.
