වෙනිසියුලාව ඩෙල්සි අතට

ඇමෙරිකානු හමුදා භාරයේ පසුවන හිටපු වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝ නිදහස් කරන ලෙස ඉල්ලමින් පැවැති විශේෂ පාර්ලිමේන්තු වාරයකදී වෙනිසියුලාවේ නව අන්තර්කාලීන ජනාධිපතිවරිය ලෙස ඩෙල්සි රොඩ්රිගස් දිවුරුම් දුන්නේය.
56 හැවිරිදි රොඩ්රිගස් 2018 වසරේ සිට වෙනිසියුලාවේ උප ජනාධිපතිවරිය ලෙස කටයුතු කරයි.
පසුගිය සෙනසුරාදා ඇමෙරිකානු විශේෂ බළකාය විසින් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීම ඇය හඳුන්වා දුන්නේ ”පැහැර ගැනීමක්” ලෙසයි.
නිව්යෝර්ක් අධිකරණයකට ඉදිරිපත් කෙරුණු නිකොලස් මදුරෝ, තමාට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදය පිළිබඳ චෝදනා හතරටම තමා ”නිවැරදිකරු” බව ප්‍රකාශ කළේය.
”මම තවමත් මගේ රටේ ජනාධිපතිවරයායි, මම ගෞරවනීය පුද්ගලයෙක්,” යැයි ඔහු විනිසුරුවරයා හමුවේ පවසා තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, සුදුසු පාලන තන්ත්‍රයක් ස්ථාපිත වන තෙක් වෙනිසියුලාව ඇමෙරිකාව යටතේ පාලනය වන බවයි.
