විස්සයි-20 ලෝක කුසලානයේ ඇමෙරිකානු කණ්ඩායමේ ක්‍රීඩකයන් හතරකට ඉන්දීය වීසා ගැටලුවක්

(ඉෂාර ගයාෂාන්)
2026 වසරේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලානය සඳහා සහභාගි වීමට සිටින ඇමරිකානු කණ්ඩායමේ පාකිස්ථානු සම්භවයක් සහිත අලි ඛාන් ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයන් සිවු දෙනකුට ඉන්දීයාවෙන් වීසා ප්‍රතික්ෂේප වීමක් වාර්තා වේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ පුහුණු කඳවුරක නිරතව සිටින අතර, ඔවුන් ඉන්දීය තානාපති කාර්යාලය හරහා වීසා සඳහා ඉල්ලුම් කර තිබේ.
ඉන්දීය බලධාරීන් පවසන්නේ වීසා බලපත්‍ර නිල වශයෙන් ප්‍රතික්ෂේප කර නොමැති බවත්, පාකිස්ථානු සම්භවයක් ඇති පුද්ගලයින් සඳහා අනුගමනය කරන දැඩි ආරක්ෂක පරීක්ෂාවන් හේතුවෙන් ඒවායේ තීරණ ප්‍රමාද වී ඇති බවත්ය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ෂක්‍ක්) මැදිහත් වී මෙම ක්‍රීඩකයින්ට ඉන්දියාවේදී පැවැත්වෙන තරග සඳහා සහභාගී වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට මේ වන විට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් සිටී.
මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි 7 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, ඇමරිකාව සහභාගි වන පළමු තරගය ඉන්දියාවට එරෙහිව මුම්බායිහිදී එදිනම පැවැත්වේ. ඇමරිකානු කණ්ඩායමේ මූලික වටයේ තරග 4 න් 3 ක්ම ඉන්දියාවේ පැවැත්වෙන බැවින්, මෙම ප්‍රධාන ක්‍රීඩකයින්ට වීසා නොලැබුණහොත් එය ඇමරිකානු කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත.
