විස්සයි-20ට එස්.එස්.සී. පිටිය ඒකාලෝක වූ වගයි

විස්සයි-20ට එස්.එස්.සී. පිටිය ඒකාලෝක වූ වගයි

(ඉෂාර ගයාෂාන්)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන කොළඹ එස්.සී.සී. ක්‍රීඩාංගණයේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද නවීන විදුලි ආලෝක පද්ධතියක් ඊයේ (28දා) විවෘත කරන ලදී.
ශ්‍රී ලංකාවේ විදුලි ආලෝක පද්ධතියක් ඇති 5 වැනි ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස එස්.සී.සී. ක්‍රීඩාංගණය හඳුන්වා දිය හැකි අතර විදුලි ආලෝක කුලුනු 6කින් සමන්විත වේ.
එම විදුලි ආලෝක විවෘත කිරීමේ උත්සවයට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය සහ විස්සයි-20 කණ්ඩායමේ නායක දසුන් ශානක සහභාගි වූහ.
ඊයේ (28දා) විදුලි ආලෝක පද්ධතිය විවෘත කිරීමෙන් පසු එස්.සී.සී. කණ්ඩායම සහ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක තරගයක් ද පැවැත්විණි.
මෙම ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 විස්සයි-20 ලෝක කුසලානයේ තරගය කිහිපයක් ද පැවැත්වෙයි.

Share This